Saturday, January 26, 2013

බලාපොරොත්තුව


ජීවිතයේ.....
අවාසනාව දෝතින් කැටි කරගත්තද...
 බාධක ලග , දෛවයේ සරදම් අභියස......
කිසි විටෙකත් කිසි අයුරින්වත්......
දණ නොනමන්නෙමි........
දහසක් කදුළු මැද....
සිනාසෙන්නට සියදහස් වාරයක් .....
මම...මටම පොරොන්දු වෙමි....

සියයක් බලාපොරොත්තු එක පිට එක කඩා වැටෙද්දී.....
ඒ, මමත්වයේ සියලු පොදි පසෙක ලා.....
එක් බලාපොරොත්තුවක් උදෙසා.....
හුස්ම පොදකට හිමිකම් කියන්නෙමි.....
මම ,නමින්......

බලාපොරොත්තුව වෙමි........

එකිනෙකා පරයා හොදෙහිදීත්, නරකදීත්...
ජයගන්නටම..... නම ගන්නටම......
වැයම් කරනා සොදුරු සමාජයක ......
අවස්ථානුකූල මිත්‍රශීලී සතුරන් මැද ......
හිගමන ව්‍යාපාරයකට සබදුනු සමයක......
පුජනීය ප්‍රේමය,සිනාසුනු සහෝදරත්වය......
එකට අහර ගත් වෙනස් බඩවල් ඇති කල.....
නුබ ලබාගත් නොන්ඩි ජයග්‍රහණය....
ගැන තවත් කුමට කව්කම්ද ?

No comments:

Post a Comment