Thursday, April 7, 2016

කදුලක් නෙතගින් වෑටුනත් හිනා වෙවී ජීවිතය..

මක් කොරන්නද ලෑබීම නෑත්නම්..
ඉවසලා හිටපන් අවස්ථාව එනකම්..
පින් මදි උනාට ශක්තිය තියෙවි..
මෑවු හීනේ අන්තිම ජයමවෙනකම්..
සන්සාරයේ කවදා හෝ හෑකි වෙවී..
ගිමන් හරින්නට වෙර දරා ජය ගත් පිම්මෙන්...
කදුලක් නෙතගින් වෑටුනත් හිනා වෙවී ජීවිතය..
නුබට නුබ පමනයි..එය හොදට තේරුම් ගනින්...
ඈත සිටින් අත  වනාවි ...සතුටු කදුළු ,, සුසුම් සැනසුම් ...
ළග සිටියත් දුර සිටියත් බාධක වලටම  විහිළු කරයි ...
ගෙවුණු දුක්බර මතකයන් කියා දේවි එකම කතාවක් ...

දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය .....
කටු පොකුර සිප ගනිමි හෙට ..මලක් වනු පිණිස .....

මං ....

ඔය අහිංසක දෑස කවදා දකින්නද .....මං
ලොවක් නොපෙනෙන මගේ නෙත් දෙකින් ....
හුස්ම නගනා හැටි කෙසේ අසන්නද ...මං
රිද්ම නොනැගෙන මගේ පපුවෙන් ....
යකඩ කෑලි කිහිපයක අමිහිරි මතකය ...
පියවරෙන් පියවර පා තබනා අපූරුවට ආස කලා මං ...
කිහිලි කරුවෙන් ඔය තාලය ගැන සිහින දකිමින් ...
සුදෝ සුදු සිල් රෙද්ද ඇද පන්සල් ගිය මං
අද ආබාධිත පුටුවේ ස්වීප් විකුණමින් ....

යාපනේ අහස වෙඩි හඩින් දැන් නිමයි ...

එදා වගේම නුබ අදත් ලස්සනයි හරිම ..
පුංචි දුවටනම් ඇවිත් තියෙන්නේ නුබෙම ලස්සනයි ..
ඔහුත් ලගට විත් ටිකට් පතක් ගෙන හිනා වී
තට්ටු කලා පපු අගටම වේදනාව මට දුකයි ..

අනාගතේ නුබේ ලස්සනයි මට හරිම සතුටුයි ..

මා දෙස බලා හිනා වෙනවා පුංචි දෝනි පොඩ්ඩ ....
මට අයිති නැද්ද මේ දැන් දකිනා හීනය ..
බොද වෙනවා පේනවා ඇස් අගින් පෙනී පෙනිම ....
හවස් වෙලා , කළුවර වෙලා ඉදින් මගේ මුළු ජීවිතයම ...

[මං .... කලකට ඉහතකදී උබලගේ නිදහස වෙනුවෙන් හැම සතුටක්ම පුජා කල කෙනෙක් ...
දැන් ඉතින් නික්ම්ම නිකන් තවත් පාවෙන මිනිසෙක් ....]